Pages

Tuesday, October 26, 2010

දෙරණේ දිල්කාට 360 දී විවාහ යෝජනාවක්.

පසුගිය සතියේ දෙරණ 360 වැඩසටහනට සහභාගි වුයේ එජාප මන්ත්‍රී සුජිව සේනසිංහයි. එහිදී වැඩසටහන පුරා දිල්කා විසින් යොමු කල ප්‍රශ්න වලට චතුර ලෙසින් පිළිතුරු දිමට සුජිව සේනසිංහ සමත් වුනා. වැඩසටහන අවසන් වුනේ මෙවන් දෙබසකින්.

දිල්කා - ඔබතුමා තරුණයෙක්. විවාහ වෙන්න එහෙම අදහසක් නැද්ද?
 

සුජිව - ඔබතුමියගේ එහෙම අදහසක් තියනවද?
 

දිල්කා -මගේ නම් විවාහ වෙන්න අදහසක් තියනවා 

සුජිව - එහෙනම් බලමු, මේක ඉවර උනාට පස්සේ
 

දිල්කා - නෑ මම කිව්වේ ඔබතුමාට විවාහ වෙන්න අදහසක් නැද්ද කියල.
 

සුජිව - නෑ ඒක තමයි මම කිව්වේ, ඔබතුමියගේත් අදහසක් තියනවනම්. මම ඒ සම්බන්ධයෙන් හිතල බලන්නම්...

Sunday, October 17, 2010

රැහැන් රහිත දුරකථන ලබාදීම 3.8% න් වැඩියි.

 රැහැන් රහිත ස්ථාවර දුරකථන ලබා දීමේ කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කෙරෙන බව විදුලි සංදේශන නියාමන කොමිසන් සභාව පවසයි.

එම කොමිසන් සභාවේ වාර්තා පෙන්වා දෙන පරිදි මේ වසරේ දෙවන කාර්තුව අවසන් වන විට මෙරට ක්‍රියාත්මක රැහැන් රහිත ස්ථාවර දුකරථන සංඛ්‍යාව විසි හය ලක්ෂ පහළොස් දහස් හත්සිය අනූ එක දක්වා වර්ධනය වී ඇත.

පසුගිය වසරට සාපේක්ෂව මේ වසරේ අදාළ දුරකථන ලබා දීම 3.8% ක ව‍ර්ධනයක් පෙන්නුම් කර තිබේ.

රැහැන් රහිත දුරකථන සබඳතා ප්‍රචලිත කිරීමේ විශේෂ වැඩපිළිවෙළ රැසක් දුරකථන සමාගම් විසින් ක්‍රියාත්මක කර තිබීම මෙම වර්ධනයට හේතු වී ඇති බව වාර්තා වේ.

ග්‍රාමීය ප්‍රදේශ‍ වල මෙම රැහැන් රහිත දුරකථන සබඳතා බහුල වශයෙන් ව්‍යාප්තව පවතින බව ද විදුලි සංදේශන නියාමන කොමිසන් සභාව පවසයි.